ඉගෙන ගන්න හොදම පරිගණක භාෂා 10ක්.
අද ලිපිය සිංහලෙන් කරන්න අදහස් කලා. අපි ලෝකය ගැන කතා කරද්දි ලෝකයේ මේ වන විට පරිගණක භාෂා 600 කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියනවා කියල ඔයාල දන්නවද.මෙම භාෂා වල හැම අවුරුද්දෙම ජනප්‍රියත්වය වෙනස් වෙනවා. මෙම ජනප්‍රියත්වය අනුව පරිගණක භාෂාවල පළමු පෙළ හා දෙවන පෙළ තීරණය වෙනවා. ඒ වගේම මෙම භාෂා වලට නව අංග එකතු වීමත් නව භාෂා තාක්ෂණික ලෝකයට එකතු වීමත් සමග මෙම වෙනස් වීම් සිදු වන බව බොහෝමයක් වෙබ් අඩවි පවසනවා.
ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි අපි ඉගෙන ගන්න ඕනි මොන භාෂාවද කියන එක..? නව භාෂාවක් ඉගෙන ගන්න අදහස් කරනවනම් ඒක අපේ මොලයට හා කාලයට කරන හොද ආයෝජනයක් කියල කියන්න පුළුවන්. අපි පලපුරදු DEVELOPER කෙනෙක් නම් හෝ දැනටමත් භාෂා කිහිපයක් දන්නවනම් අපිට අළුත් පරිගණක භාෂාවක් ඉගෙන පන්න පුළුවන්.
නමුත් අපි මෙම කේතකරනයට (CODING) නවකයෙක් නම් හෝ පළමු හෝ දෙවන ක්‍රමලේඛ භාෂාවක් ඉගෙන ගන්න අවශ්‍යය නම් මෙම පළමු පෙළ පරිගණක භාෂා ඉගෙන ගැණීම නුවණට හුරු එකක් වෙනව කියල ගොඩක් මෙම පරිගණක හාෂා සමග වැඩ කරන විද්වතුන්ගේ අදහස වෙනව.
towardsdatascience.com වෙබ් අඩවියට අනුව නවකයන්ට පරිගණක භාෂා තෝරා ගැනීම සදහා උපකාරී වන නිර්ණායක කිහිපයක් ඔවුන් විසින් ඉදිරිපත් කරනවා.
- දැනටමත් SOFTWARE DEVELOPMENT INDUSTRY එකේ ප්‍රධානව හා ස්ථිරව තියෙන පරිගණක භාෂා.
- සුප්‍රසිද්ධ පරිගණක භාෂා ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහලින්ම පවතින පරිගණක භාෂා
- ජනප්‍රියත්වය වැඩි වෙමින් පවතින හෝ ඉහල මට්ටමක ස්ථාවර පවතින පරිගණක භාෂා.
- විශාල LIBRARY, FRAMEWORK, TOOLING SUPPORT හා LARGE COMMUNITY එකක් තියෙන පරිගණක භාෂා.
- රෑකියා වෙළද පොල හා රැකියා තුල වැඩි වැටුපක් සෙවිය හැකි පරිගණක භාෂා.
- PYTHON
- JAVA SCRIPT
- JAVA
- C#
- C
- C++
- PHP
- SWIFT
- GO
- RUBY
මෙම පරිගණක භාෂා පෙලපැස්ම එම වෙබ් අඩවිය STACKOVERFLOW DEVELOPER SURVEY,2019 මුල් කර ගෙන සිදු කර ඇත.
තවත් මෙවැනිම ලිපියකින් නැවත හමුවෙමු.
තද බ්‍රෝ ගොඩක් වැදගත්
ReplyDelete