Pages

Showing posts with label sinhala. Show all posts
Showing posts with label sinhala. Show all posts

Wednesday, May 27, 2020

MySQL සිංහලෙන්



              අද අපි කතා කරන්න බලා පොරොත්තු වෙන්නෙ MySQL ගැන.මේ My SQL කියන්නෙ අද වන විට විශාල පිරිසක් භාව්තයට ගන්න ජනප්‍රිය RDBMS (Relational Database Management System) එකක්.මේ My SQL වල තියෙනවා  ඉතාමත් සූවිශේෂිවූ ලක්ෂණයක්.ඒක තමයි එකවර database  වීශාල ප්‍රමාණයකට users කිහිප දෙනෙක්ට සම්බන්ද විය හැකි server එකක් ලෙස ක්‍රියා කල හැකි වීමයි.

අපි දැන් මේ My SQL වල අතීතේ ගැන කථා කලොත් මේ කට නම හැදිල තියෙන්නෙ අපූරු විදියකට.මෙහි සම නිපයුම් කරුගේ දුවගෙ නමින් My කියන කොටසත් SQL  කොටස structured query language කියන එකෙනුතු තමයි හැදිල තියෙන්නෙ. මෙය පළමු release කලේ 1995 මැයි 23.මෙම My SQL ලිවීම සදහා එකල c,c++  යන භාෂා භාවිතයට අරගෙන තියෙනවා.ඒ වගේම මෙහි source code එක release කරල තියෙන්නෙ GNU General public license එක යටතෙ. මුල් කාලෙ ස්වීඩන සමාගමකට අයත්ව තිබුනු මෙම My SQL අද වන විට oracle සමාගමට අයත්ව පවතිනව.මෙහි Operating System  එක ගැන කථා කලහොත් Cross platform වෙනව.

ඒ වගේම තමයි My SQL ගොඩක් වෙබ් වැඩසටයන් සදහා ජනප්‍රිය යෙදුමක් වෙනව.ඒ වගේම මෙහි වාණිජ භාවිතය සදහා මිළදී ගත හැකි සංස්කරණද පැවතීම විශේෂත්වයක්. එවැනි මිලදී ලබා ගන්නා සංස්කරණ සදහා අතිරේක පහසුකම්ද පවතිනව.

ඒ වගේම මේ My SQL භාවිත කරන සමාගම් අතරට joomla,wordpress, phpBB, Drupal,Wikipedia, Google,Facebook, Twitter,Flicker, Nokia.com, Youtube  වැනි මහා පරිමාණ සමාගම්ද අයත් ව‍ෙනව.   

ඒ වගේම මේ My SQL ,Lamp Xamp Wamp වැනි මෘදුකාංග තුල ප්‍රධාන සංරචකයක්ද වෙනව. mysql.com හා dev.mysql.com යන වෙබ් අඩවි වලින් තවත් විස්තර සහ සංස්කරණ ලබා ගැනීමේ හැකියාවක්ද පවතිනව.ඒ වගේම තමයි මේ වන විට එම ආයතනය මගින් users වෙත අකාර 3 කින් සේවා ලබා දෙනවා.
  •  MySQL Enterprise Edition
  •  MySQL Cluster CGE
  • MySQL for OEM/ISV
මෙම අකාර 3 පිළිබද විස්තර ඉහත වෙබ් අඩවි වලින් ලබා ගත හැක.මීට අමතරව මෙම MySQL ,2019 වර්ෂයේදී BEST DBMS OF THE YEAR බවටද පත් වී ඇත. මේ වන විට එම සමාගම සිය 8.0 සංස්කරණය 2020/04/20 වන දින එලි දක්වා ක්ෂේත්‍රය තුල වඩාත් ස්ථාවර තත්වයකට පැමිණ ඇත.

UBER BUSINESS MODEL MAP WITH PORTERS 5 FORCES MODEL

1. What is Uber...?      Uber technologies, inc. That known as Uber. It is American company. It is online business. That offer many ser...